ජූලි මාසය අවසන් වනවිට චීනයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 119,705 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත 77.6% ක සංචාරක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ සභාපති රොහාන්ත අතුකෝරල මහතා පවසා සිටියේ, 2015 වසර අවසන් වනවිට චීන සංචාරකයන් 225,000 ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණ වී ඇති බවයි.