රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවා ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටද ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් එහි සේවා පුළුල් කර තිබේ.
ඒ අනුව, එවැනි අයෙකුට වට්ස්ඇප් හෝ වයිබර් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා සම්බන්ධ විය හැකි අතර ඔහු හෝ ඇය විමසන තොරතුරු සංඥා භාෂා පරිවර්තකයෙකු විසින් ලබාදෙනු ඇත.
සිංහල සහ දෙමළ භාෂාවලින් මෙම තොරතුරු ලබාගත හැකි අතර, 070-2621919 සහ 070-2521919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතිය යුතු එම දුරකථන අංක වේ.