හිඟුරාන ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ සතිපොළ අමාත්‍ය දයා ගමගේ මහතා අතින් අද (27දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
ප්‍රදේශයේ ජනතාවගේ මූලික අවශ්‍යතාවක්ව පැවති මෙම සති පොළ ඉදිකිරීම සඳහා ලෝක බැංකු අධාර ලැබී තිබේ.
කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මන්දගාමී ස්වරූපයක පැවත ඇති අතර, අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසුව එය කඩිනම් වූ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය කියයි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබේ.
