ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ශූරයා තරඟාවලියේ දෙවැනි වටය අද (29දා) දියත් කළ අතර, ශ්‍රී ලංකාවේ හොඳම පුනර්ජනනීය බලශක්ති අදහස ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට රු.මිලියන 10ක මුදලක් සහ පුහුණු අවස්ථා රැසක් දිනා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවෙයි.
2017 ජුලි මාසයේ සිට 2017 අගෝස්තු 18 වන දින දක්වා මේ සඳහා අයදුම්පත් භාර ගන්නා අතර www.greenenergychampion.lk වෙබ් අඩවියේ අයදුම්පත් සහ විස්තර ඇතුළත් කර තිබේ.
ජර්මනියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා එක්ව මෙම තරඟාවලිය සංවිධානය කරන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පාර්ශ්ව ලෙස Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙරට බලශක්ති සංක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා එක්ව කටයුතු කරයි.