ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ අද (09දා) මුදල් අමාත්‍යාංශයෙන් ආරම්භ කෙරෙන බවත්, මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙරට විදුලි බල උත්පාදනය මෙගා වොට් 4,000ක පමණ මට්ටමක පවතින බවත්, රට තුළ සිදුවන වේගවත් සංවර්ධනය හේතුවෙන් 2020 වනවිට විදුලිය අවශ්‍යතාව මෙගා වොට් 5,300ක් දක්වා ද, 2025 වනවිට එය මෙගා වොට් 7,500 දක්වාද ඉහළ යනු ඇතැයි අනුමාන කෙරෙන බවත්, එබැවින් තවත් වසර කිහිපයකින් එල්ලවන මේ අභියෝගයට අද සිටම මුහුණදීම ඉදිරි දැක්මක් සහිත රජයක වගකීම බවද පෙන්වා දෙයි. ඒ අනුව, ඉදිරි වසර දෙකක කාලය තුළ රජයේ සියලු ගොඩනැගිලි සූර්ය බලය වැනි හරිත බලශක්ති ප්රභවයන්ට පරිවර්තන කිරීම රජයේ අරමුණ වී ඇති අතර, ඒ සඳහා ආරම්භක පියවර ලෙස මෙවර අයවැය මගින් රු.මිලියන 350ක මුදලක් ඊට වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.