රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මූලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා සිදුකෙරිණි.
රු.කෝටි 105ක පමණ වියදමකින් එම රෝහල නවීකරණය කිරීමෙන් පසු යළි ජනතා අයිතියට පැවරීමට සමගාමීව මෙම සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය හඳුන්වාදීම සිදුකර තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Programme) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා හැකිවන බව නියෝජිතායතනය පවසයි.
ඒ අනුව, පසුගියදා පැවති විවෘත කිරීමේදී රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට (HHIMS) තොරතුරු ඇතුළත් කෙරුණු රෝගියෙකුට ඒ සඳහා නිකුත් කෙරෙන පෞද්ගලික සෞඛ්‍ය කාඩ්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබාදීමටද කටයුතු කර තිබේ.
මේ අතර ඉදිරියේදී තවත් රජයේ රෝහල් 300කට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු මහීස දයානන්ද මහතා පවසා සිටියේය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරනාත් බස්නායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.