ශ්‍රී ලංකාව සඳහා වූ නව නිපුණතා සංවර්ධන අරමුදල (එස්.ඩී.එෆ්) ප්‍රකාශයට පත්කරමින් ඔස්ට්‍රේලියානු සංවර්ධන වැඩසටහන යටතේ රු.මිලියන 600ක මුදලක් ඒ වෙත වෙන්කර තිබේ.
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙය සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක හතරෙහි නවෝත්පාදක පුහුණු වැඩසටහන් සඳහා මේ යටතේ මූල්‍යාධාර හිමිවන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.