සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. වෙත 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන ලක්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනලද ලියාපදිංචිය අවලංකු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම සමාගමෙහි සිදුව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකරණ දුර්වලතා හේතු කොටගෙන දැඩි මූල්‍ය ගැටලුවලට පසුගිය වසර හතර තුළ මුහුණ දීමට සිදුව ඇති බවත්, සමාගමේ තැන්පත්කරුවන් පසුගිය වසර හතර පුරාම සිය තැන්පතු මුදල් නැවත ලබාගැනීමට අපාහොසත් වී ඇති බවත් මහ බැංකුව කියයි.
මෙය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ගත් සියලු ප්රයත්න අසාර්ථක වීම නිසා අද (05දා) සිට බලපැවැත්වෙන පරිදි එහි බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.