පාසල් දිවියේ අවසන් කඩඉම වන අ.පො.ස. උ/පෙළ නිම කළ සිසුන්ට එහි ප්‍රතිඵල නිකුත් වන තෙක් සාමාන්‍යයෙන් බලා සිටීමට සිදුවන තෙමසක කාලය, සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද අනාගතය පිළිබඳ වැදගත් සහ නිවැරදි තීරණ ගැනීමට සිදුවන කාලයක් බව CIMA ආයතනය පවසයි. ඔවුන් පෙන්වාදෙන පරිදි, අනාගතයේදී තමන්ට දැනුම වර්ධනය කරගැනීමට සහ දියුණුව සලසන රැකියාවක් ලබාගැනීමට වඩාත් යෝග්‍ය මගක් තෝරා ගැනීමේදී සිසුන් මෙන්ම දෙමවුපියන්ද මුහුණදෙන අභියෝගය නම්, අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව පවතින අවිනිශ්චිතභාවය සහ අද පවතින විවිධ උසස් අධ්‍යාපන අවස්ථාවන්ය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිසුන් සහ දෙමවුපියන් තමන් තෝරාගැනීමට අපේක්ෂිත අධ්‍යාපන පාඨමාලාව සඳහා වාණිජ ලොව ඇති පිළිගැනීම සහ එය හැදෑරීමෙන් සිසුන්ට ලබාගත හැකි කුසලතා සහ නිපුණතා පිළිබඳව මනා අවබෝධයක් ඇතිව උසස් පාඨමාලාවක් තෝරාගැනීම බවද ඔවුන් අවධාරණය කරයි.
පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ මෙම ගැටලුවට ඉතාමත් ප්රත්යක්ෂ විසඳුමක් ලබාදීමට CIMA සිය ව්‍යාපාර ගිණුම්කරණ සහතික පාඨමාලාව (Certificate in Business Accounting)(Cert BA) මගින් සමත්වී ඇති බව ඔවුන් පවසා සිටියි. මෙම පාඨමාලාව මගින් සිසුන්ට කළමනාකරණය පිළිබඳ ඉතාමත් විශිෂ්ට මූලික දැනුමක් ලැබෙන බවත්, ඉතා ඉහළ පිළිගැනීමක් ඇති සහ මනා පුහුණුවක් සමග ලබාදෙන කළමනාකරණය පිළිබඳව ලබන මෙම මූලික දැනුම සිසුන්ට තමන් අනාගතයේදී යෙදෙන්නට අපේක්ෂා කරන ඕනෑම වෘත්තීයකට හෝ කර්මාන්තයකට ආදේශනය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. එසේම, සේවා යෝජකයින්ද පිළිගන්නා මෙම Cert BA පාඨමාලාව වෙනත් ශාස්ත්‍රීය සහ වෘත්තීමය අංශයන්ගෙන් විශේෂ උසස් අධ්‍යාපනයක් ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ට මනා අඩිතාලමක් වනවා සේම, CIMA වෘත්තීමය සුදුසුකම හැදෑරීමට පිවිසුම් මට්ටමේ සුදුසුකමක්ද වන බවත් ඔවුන් සඳහන් කරයි.
ඔවුන් පෙන්වාදෙන පරිදි, CIMA පාඨමාලාවේ සුවිශේෂී ලක්ෂණයක් නම්, පාඨමාලාව සකස් කිරීමේදී CIMA හි ප්‍රවීණතා රාමුව මගින් අවධානය යොමුකර ඇති මානව සම්පත්, ව්‍යාපාර, කාර්මික සහ නායකත්ව නිපුණතාවන් යන අංගයන්ද ඇතුලත් කරමින් CIMA හදාරන සිසුන්ට රැකියා අවස්ථා උදාකර දීමට යෝග්‍ය වන ලෙස පාඨමාලාව සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබීමය. සිසුන්ගේ අභිමතය සහ පහසුව අනුව වසර පුරා දිවයිනේ ඕනෑම තැනක පිහිටි CIMA පරිගණක පාදක විභාග මධ්‍යස්ථානයකදී CIMA පරීක්ෂණයන්ට පෙනී සිටීමේ අවකාශ සලසා ඇත. ඔවුන් සඳහන් කරන ආකාරයට CIMA පරීක්ෂණ වාර්තා මගින් පෙනී යන්නේ සේවා යෝජකයන් බලාපොරොත්තු වන සිද්ධාන්තික සහ ප්‍රායෝගික දැනුම CIMA සිසුන් සතු බවය. සැබැවින්ම බහුකාර්ය සුදුසුකමක් වන CIMA සුදුසුකම ලබා ඇති සිසුන්ට ඕනෑම ක්ෂේත්රයක රැකියාවේ නියැලීමට හැකියාව ඇති බවත්, ආයතනයන්හි දියුණුව සැලසීමට අවශ්‍ය උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ඔවුන් සතු බවත් පෙන්වා දෙයි. එමෙන්ම, CIMA සුදුසුකමට ගෝලීයව ඇති පිළිගැනීම හේතුවෙන් CIMA සුදුසුකම්ලාභීන්ට තමන්ගේ අභිප්‍රාය අනුව ගෝලියව රැකියා ලබාගැනීමටද අවස්ථාව ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබේ.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත, වාණිජ සහ ව්‍යාපාර ක්ෂේත්රයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරීමේ ඉතා ඉහළ ප්‍රවණතාවක් CIMA සාමාජිකයන් සතුව ඇති අතර, සාමාජිකයන් විශාල පිරිසක් විදේශ රැකියාවන්හිද නියුක්තව සිටින බවද පෙන්වා දෙයි. ගුණාත්මක බව, ප්‍රවීණත්වය සහ අවංකත්වය යන ගුණාංගයන්ගෙන් සපිරි වෘත්තිකයන් පිළිගැනීමට ලක් කරන මිණුම් දණ්ඩක් ලෙස American Institute of Chartered Public Accountants (AICPA) සහ CIMA ආයතනය අතර ඇති හවුල් ගිවිසුම මගින් හඳුන්වා දී ඇති Chartered Global Management Accountant – CGMA තනතුරු නාමය දැක්විය හැකි බවත් ඔවුන් සඳහන් කරයි
ඒ අනුව, ඔබේ අනාගත දියුණුව තහවුරු කිරීමට වඩාත් සුදුසු මගක් ලෙස CIMA හැදෑරීමට එක්වීමට අවස්ථාව පවතින බව ඔවුන් සඳහන් කරයි. එහිදී, සැප්තැම්බර් මස කණ්ඩායම සඳහා ලියාපදිංචි කිරීම් මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, අ.පො.ස. උ/පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට කොළඹ, මහනුවර, ගාල්ල,මාතර, යාපනය, නින්තවූර් සහ කුරුණෑගල පිහිටි CIMA අධ්‍යාපන පහසුකම් සපයන හවුල්කාර ආයතනයන්ට ඇතුලත් වී අධ්‍යයන කටයුතු ආරම්භ කළ හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.