ස්ලොවැකියාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේදී ශ්‍රී ලංකාවේ රබර් සඳහා ඉතා හොඳ අවස්ථාවක් පවතින බව එරට උප අගමැති හා මුදල් අමාත්‍ය පීටර් කසිමයර් මහතා පවසයි.
අද (28දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී එම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.
ඔවුන් දැනට මෝටර් රථ කර්මාන්තය සඳහා අවශ්‍ය රබර් අප්‍රිකානු හා අග්නිදිග ආසියානු රටවලින් ලබාගන්නා බවත්, එම සැපයුම් දාමය තවදුරටත් පුළුල් කරගැනීමට අවශ්‍ය බවත් හෙතෙම උප අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.