පාසල් සිසුන් අන්තර්ජාලය භාවිත කිරීමේදී මුහුණදෙන අහිතකර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමත්, යම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණපෑමට සිදුවුවහොත් එය වඩාත් ක්‍රමානුකූලව විසඳා ගැනීමට මඟපෙන්වීමත් අරමුණු කරමින් පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදයක් (EDUCSIRT) පිහිටුවීමට පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පූර්ණ දායකත්වයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යන ආයතනයන්හි සහභාගිත්වයෙන් EDUCSIRT ක්‍රියාවට නංවා ඇත.
දීපව්‍යාප්ත ලෙස මෙය ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධ්‍යාපන කලාප මට්ටමින් ගුරුවරුන් දහසක් පුහුණු කිරිම ආරම්භ කර ඇති අතර, මේ වනවිට ගුරුවරුන් සියයකට පමණ පුහුණුව ලබාදී අවසන් කර තිබේ. මෙම සියලු පුහුණුවීම් කටයුතු මෙම වසර තුළදී අවසන් කිරීමට නියමිත බවද සඳහන්ය.
සෑම පාසලකම පරිගණක ආරක්ෂණය පිළිබඳ දැනුමක් ඇති පිරිස් සම්පත් දායකයන් ලෙස තෝරාගෙන මෙම පුහුණුකරුවන් පුහුණු කිරිමේ වැඩසටහන දියත් කෙරෙන අතර, මෙම පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම් ඉදිරියේදී පාසල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ සමග අනුගතවී කටයුතු කරනු ඇති බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.