ඉන්දීය සමුද්‍ර සාගර කටයුතු සහයෝගීතා සංවිධානය විසින් සංවිධානය කළ සමුද්‍ර ආර්ථික සහයෝගීතා කළමනාකරණ සමුළුව පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් එහි පැමිණි විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එහි ප්‍රධාන දේශනය පැවැත්වීය.
මගිනි. මෙම සම්මන්ත්‍රණයේ දී සමුද්‍ර ආර්ථික සහයෝගීතාවය ( Marine Economic Co- operation) සමුද්‍ර පරිසරය (Marine Environment) සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ( Marine Scientific Research) සමුද්‍ර කලමණාකරණය ( Marine Management) සාකච්ඡාවට භාජනය විය.
ශ්‍රි ලංකා චීන තානාපති ෂියැන්ග් ලියැන්ග්, ඉන්දීය සාගර සමුද්‍ර කටයුතු සහයෝගීතා සංවිධානයේ ලේකම් ජෙනරාල් ආචාර්ය හිරාන් ජයවර්ධන, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, ඩබ්. එම්. ආර්. අධිකාරි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.