ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් 'සමාගම් ලේකම්වරුන් සඳහා වන පරිචයන්' යන මැයෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණය 2017 ජුනි මස 29 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා නො 450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට නියමිතය.
මෙහිදී, පහත සඳහන් මාතෘකා යටතේ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව සඳහන් වේ.
-
සංස්ථාගත සමාගම් සහ අදාළ ලියකියවිලි, සමාගම් ලියාපදිංචියේදී සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන අයදුම්පත් නොකඩවා සහ ඔවුන්ගේ අරමුණු, පවත්වාගෙන යා යුතු ලේඛන උදා :- කොටස් ලේඛනය
-
රැස්වීම් සහ ක්‍රියාපටිපාටීන්, වාර්තා තබාගැනීමේ වැදගත්කම, සංසරණය සහ වාර්තා පොත, යෝජනා පිළිබඳ දැනුම්දීම සහ යෝජනා
-
අධ්‍යක්ෂවරුන්ගේ රාජකාරි, පාලනය සහ වගකීම්, ප්‍රධාන ගනුදෙනු සහ එහි ගම්‍යයන්, අනුගමනය කළ යුතු නීති
-
ලාභාංශ බෙදාහැරීම
සම්පත් දායකයන් ලෙස සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නීතිඥ හේෂාන් මතුගමගේ මහතා සහ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නීතිඥ සුමිත් රත්නායක මහතා මේ සඳහා සහභාගී වීමට නියමිතය.
සමාගම් ලේකම්වරුන්, ගණකාධිකාරවරුන්, මූල්‍ය කළමනාකාරවරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරිවරුන් සහ මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන සියලු දෙනාටම මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැකි බවත්, ඒ සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකය හෝ [email protected] / [email protected] යන විද්‍යුත් ලිපින ඔස්සේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.