ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ආශ්රිත නිෂ්පාදනය ප්‍රයෝජනයට ගෙන, කොකාකෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇතිකරමින්, ඒවා ප්‍රති-අපනයනයට ඇති ඉඩප්රස්ථා සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව කොකාකෝලා සමාගමේ නිෂ්පාදනමධ්යස්ථානයක් බවට පත්කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීන් සඳහන් කර තිබේ. කලාපයේ වැඩිම කොකාකෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදාගත හැකි බවත්,මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේම රැකියා අවස්ථා රැසක්ද උදාකර ගත හැකි බවත්ඔවුන් පෙන්වාදී තිබේ.
කොකාකෝලා සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් යන මහත්වරුන් සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර මුදල් අමාතශ්යාංශයේදී පසුගියදා පැවැති හමුවකදී මෙම කරුණු අනාවරණය වී ඇත.
එහිදී, ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාව වී ඇති අතර, විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්රියාකරණ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීන් ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව ඇගයීමටද ලක්කළ බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.