ඇමෙරිකාවේ ඉහළ පෙළ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්.රිව්කින් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙසේ පවසා සිටියේ, පසුගිය 12 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදීය.
එහිදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා, රට තුළ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතාද එක්ව තිබේ.