ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය ආධාර නොව, විදේශ ආයෝජන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සමග ඊයේ (29දා) අමාත්‍යාංශයේදී පැවති හමුවකදීය.
මෙහිදී තානාපතිවරයා පවසා ඇත්තේ යහපාලනය තුළ ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමෙරිකාව සූදානම් බවයි.