ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා පවසයි.
ඊයේ (10දා) මුදල් අමාත්‍යාංශයේදී මුදල් ඇමති රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී ජපාන නායකයා මෙසේ පවසා ඇත.
බලයට පත්වූ නව රජයට සුබ පැතුම් එක්කිරීමටද ජපාන තානාපතිවරයා මෙහිදී කටයුතු කළ අතර, මෙම අවස්ථාවට ජපානයේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය පිළිබඳ උප අමාත්‍ය යසූඕ සකමොටෝ මහතා ඇතුළු පිරසක්ද සහභාගි වී තිබේ.