ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝක පරිසර දිනයට සමගාමීව දියත් කළ 'Flygreen', කාබන් විමෝචනය අවම කිරීමේ ස්වෙච්ඡා වැඩසටහන ගුවන් ප්‍රවාහන ක්‍රියකාරි කණ්ඩායම ATAG (Air Transport Action Group) මගින් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රයේ දේශගුණික විසඳුමක් ලෙස නම් කර ඇත.
'ලෝක හිතකර ශ්‍රී ලංකන්' යන ආයතනික තිරසාර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වන මේ සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සහයෝගයද හිමිවී තිබේ. ඒ අනුව, ගුවන් මගීන්ට තමන් විසින් විමෝචනය කරනු ලබන කාබන් ප්‍රතිශතය සඳහා සිය කැමැත්තෙන් යම් මුදලක් පරිසර හිතකාමී ව්‍යාපෘතියකට බැර කිරීමට අවස්ථාව සැලසී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ Flygreen වැඩසටහන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර, දැනට එහි එක්රැස්වන සියලු මුදල් එම ආයතනය හරහා ශ්‍රී ලංකාව තුළ ජලවිදුලි උත්පාදක ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරන බවද පවසයි. තවද, පරිසර හිතකාමී ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට ක්‍රියාත්මක වන තිරසාර වැඩසටහන් සඳහා දායකත්වය සැපයීමට අවස්ථා උදාකර ඇත.