ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම APEX Passenger Choice Awards 2015 සම්මාන උලෙළේ ගෞරවාන්විත සම්මාන හතරක් සඳහා නිර්දේශ වී තිබේ.
එම ගුවන් සමාගම පෙන්වාදෙන පරිදි, Airline Passenger Experience Association විසින් සංවිධානය කරනලද මෙම සම්මාන උලෙළ එළැඹෙන 28 වැනිදා ඇමෙරිකාවේ, ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්මාන හතරක් සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයකි. එනම්, ආසියා සහ ශාන්තිකර කලාපීය හොඳම කලාපීය ගුවන් සේවය, හොඳම ගුවන් යානා අභ්‍යන්තර සඟරාව, හොඳම ගුවන් යානා අභ්‍යන්තර වීඩියෝව සහ හොඳම භූමි අත්දැකීම් යන කාණ්ඩ යටතේ මෙම සම්මානය නිර්දේශ වී තිබේ.