ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ජර්මනියේබර්ලින් හි ජාත්‍යන්තර වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය (ITB) මගින් පැවැත්වූ Golden City Gate සම්මාන උලෙළෙහිදී %ශ්‍රී ලංකන් සමගින් ශ්‍රී ලංකාව වෙත චමත්කාර ගමනක් (Epic Journey of Sri Lanka on SriLankan Airlines) යන මැයෙන් ඉදිරිපත් කරන ලද ගමනාන්ත වීඩියෝව සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව තිබේ.
රටේ පාරිසරික සුන්දරත්වය මෙන්ම සංස්කෘතිකමය වටිනාකම් රැසක් මෙම වීඩියෝව මගින් දසුනට හසුකරගෙන ඇති අතර, ඒ සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ගුවන් විඩියෝ කලාවක් යොදාගෙන ඇත. දිවයින පිළිබඳ නරඹන්නන් සඳහා පරිපූර්ණ අත්දැකීමක් මෙම වීඩියෝව මගින් ලැබෙන බව ඔවුහු පවසති.