විල්ගමුව මාරක මහා විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සඳහා රු.12,50,000/- ක් පරිත්‍යාග කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා කටයුතු කර තිබුණි.
මෙම විදුහලේ දරුවන් පිරිසක් අධ්‍යාපන චාරිකවක නියැලෙන අතරතුර මහ භාණ්ඩාගාරය දැක බලාගැනීම සඳහා එහි පැමිණි අවස්ථාවේදී අහඹු ලෙස එම දරුවන්ට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවීමේ අවස්ථාව උදාවී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහිදී, දරුවන් සමග සුහද කතාබහක නිරත වූ මුදල් අමාත්‍යවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඇති අඩුපාඩු පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී, ක්‍රීඩාවට දක්ෂ දරුවන් රැසක් පාසලේ ඉගෙනුම ලැබුවද පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් නොමැතිවීම එම දක්ෂතාව ඔප්නංවා ගැනීමට බාධාවක් වී ඇති බව එම දරුවන් මුදල් අමාත්‍යවරයා සමග පවසා තිබේ.
ඒ අනුව, විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදී ඇති මුදල් අමාත්‍යවරයා එම පොරොන්දුව ඉටුකරමින් ඒ සඳහා අවශ්‍ය වන රු.12,50,000/- ක මුදල විදුහල වෙත පරිත්‍යාග කර තිබේ.
මෙම අවස්ථාවට විදුහල්පති වයි.ජී. වෙදතිලක, විද්‍යාලයීය ආචාර්ය චමින්ද සිරිවර්ධන, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන, මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමීර ජයවර්ධන යන මහත්වරු පිරිසක් එක්ව සිටි බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.