විදේශ රටවලින් ලබාගන්නා දැනුමට වඩා දේශීය විද්‍යාඥයින් විසින් දේශීය ඥාණය තුළින් නිර්මාණය කරන උපකරණ භාවිත කිරීම තුළින් විශාල සේවාවක් රටේ සංවර්ධනය සඳහා යොදාගත හැකි බව තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ඒ සඳහා විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් හා බුද්ධිමතුන්ට මෙරටට පැමිණ එයට දායකත්වය ලබාදීමට කටයුතු කිරීම රටේ සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් බවයි.
අද(17දා) උදෑසන මහනුවර ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ අලුතින් ඉදිකළ සිවුමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් හෙතෙම මෙසේ අදහස් දැක්වීය.
