හෙට දිනයේදී පැවැත්වීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ බාහිර රොගී අංශය මගින් නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටින එම රෝහල පවසයි.
ඒ අනුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05දා) ක්‍රියාත්මක කිරීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනය අතරතුර ජනතාව වෙනුවෙන් එම රෝහලේ බාහිර රෝගී සේවා අංශය විවෘතව තැබෙනු ඇති බවත්, වර්ජනය නිසා දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී සේවා ඇතුළු අනෙකුත් බොහෝ සේවා අඩාල වන නිසා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලෙ කළමනාකාරීත්වය විසින් මෙම තීරණය ගත් බවත් ඔවුහු පවසති.