ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka) විසින් විනිවිදභාවය, ගිණුම් කටයුතුවල වගකීම හා මනා පාලනය සඳහා දිරිගන්වනු ලබන මෙරට වඩාත් කීර්තිමත් ආයතනික තලයේ තරගාවලියක් වන වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය සඳහා අයදුම්පත් බාරගැනීම ඇරඹා තිබේ.
මෙම වසරේදී 52 වැනි වන සංවත්සරය සමරන මෙම තරගාවලිය යථාතථ්යයට උදාහරණ සැපයීමක් යන තේමාව යටතේ පවත්වනු ලබන අතර සමූහ ව්‍යාපාරවල සිට රාජ්‍ය නොවන සංවිදාන හා කුඩා පරිමාණයේ ව්‍යාපාර දක්වා වාර්ෂික වාර්තා සම්පාදනය කරන ඕනෑම ආයතනක් සඳහා තරගය විවෘතව පවතින බවද කියයි.
මෙවර සම්මාන ප්රදානය සඳහා අයදුම්පත් බාරගැනීම 2016 සැප්තැම්බර් 09 වැනිදායින් අවසන් වන අතර, ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කිරීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වැඩිදුරටත් පවසයි.