ආසියානු කලාපයේ වර්ධනය වෙමින් පවතින ආර්ථික බලවේගයේ උපරිම ප්රතිලාභ නෙළා ගැනීම සඳහා වාණිජ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් මත පදනම් වූ ප්‍රයෝගික ප්රවේශයකින් සමන්විත විදේශ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා සුදානම් වීමක් ලෙස තරුණ හා දක්ෂ වෘත්තිකයන්ගේ සේවය විදේශ සේවයට ලබාගැනීමට ප්‍රමුඛත්වයදී කටයුතු කරන බවයි.
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා (28දා) ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ පැවැති 'ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් පවතින ගැටළු හා විදේශ ප්‍රතිපත්ති' යන මැයෙන් පැවැති සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය පවත්වමිනි.