ක්ලියෝපැට්රා වුවත් ශ්‍රී ලංකාවේ මැණික් ගලක් පැළඳගෙන සිටි බවට සාධක ලැබුණොත් තමන් පුදුමයට පත් නොවන බවත්, ව්‍යාපාරික ඥානය අපේ ජානවල පවතින බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතරදී ආරම්භ වූ සම්මන්ත්රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ව්‍යාපාරික ඥානය අපේ ජානවල තියෙනවා. ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් ගෙනාපු අස්සයො තමයි අපේ ඉස්සර රජවරුන්ගේ වාහන වුණේ. ඒ වගේම තමයි අපේ මුතු මැණික් ඊජිප්තුවේ ෆේරෝවරුන් පැළැඳි බවට සාධක තියෙනවා. ක්ලියෝපැට්රා වුණත් ශ්‍රී ලංකාවේ මැණික් ගලක් පැළදගෙන හිටිය කියල ආරංචි වුණොත් මම පුදුම වෙන්නෙ නෑ. ඒ නිසා අපේ ඩීඑන්ඒවලම මේ ව්‍යාපාරික ඥානය තියෙනවා. ඒ හැකියාවන් අවදි කර ගන්නයි ඕනෙ. ඒ නිසා අපේ යම් යම් යල් පැන ගිය නීති රීති වෙනස් කළ යුතුයි. ඒ නිසා 1860 හදපු රේගු පනත, 1911 හදපු සුරා බදු පනත අපි වෙනස් කළ යුතුයි. " යනුවෙන් පවසා සිටියේය.