ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් 22 වැනි වරටත් පැවැත්වූ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා තරගයෙන් 2017 වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ජැටි හෝල්ඩින්ග්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017 සම්මාන උළෙල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී පැවැත්විණි.
මෙවර සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා, වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව, වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා හා වසරේ විශිෂ්ටතම හැකියාවන් සහිත ව්‍යවසායකයා වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.
ඒ අනුව, මෙවර ප්‍රධාන සම්මානය වන ප්ලැටිනම් සම්මානය ජැටි හෝල්ඩින්ග්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා අතින් ලබාගත් අතර, දෙවැනි සම්මානය ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය වෙනුවෙන් පිරිනැමුණු අතර, එහි කළමනාකාර අධ්යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා අතින් සම්මානය ලබා ගත්තේය.
මෙම අවස්ථාවට දයා ගමගේ, මලික් සමරවික්‍රම, රිෂාඩ් බදුර්දීන් යන අමාත්‍යවරුන්ද, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ආරාධිතයන් පිරිසක්ද එක්ව සිටියහ.