වරලත් ගණකාධිකාරී 36 වැනි ජාතික සමුළුව %උත්ප්‍රේරකය 2015 තරග වැදීම සඳහා සහයෝගීතාව^ යන ආකර්ෂණීය තේමාවන් යුතුව සාර්ථකව පැවැත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) පවසයි.
36 වැනි ජාතික සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුකදී මෙම කරුණු අනාවරණය විය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පෙන්වාදෙන පරිදි, ආර්ථිකයන් ගෝලීයකරණය, ලිහිල්කරණයට ලක්වීම සහ තාක්ෂණයේ දියුණුව අප ජීවත් වන ලෝකය සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇති අතර, එය ගෝලීය වශයෙන් ව්‍යාපාරයන් හි පරිවර්තනය සඳහාද බලපා තිබේ.
මෙබඳු පසුබිමක් තුළ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් 36 වැනි වරලත් ගණකාධිකාරී ජාතික සමුළුව සාකල්‍යවාදී ව්‍යාපාර විශිෂ්ටත්වයක් සාක්ෂාත් කරගැනීම සඳහා සිය සේවා සැපයුම්කරුවන්, සේවකයන් පමණක් නොව තරගකරුවන් සමගද සමීප හා තිරසාර සබඳතාවක් ඇති කරගැනීමට උපකාර කිරීම සඳහා පෙරමුණ ගෙන සිටින බවද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පවසයි.
මෙම අවස්ථාවට වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත්, උප සභාපති ලසන්ත වික්‍රමසිංහ, ජාතික සමුළු කමිටු සභාපති හේෂාන් කුරුප්පු, ජාතික සමුළු තාක්ෂණ කමිටු සභාපති නදීක බුද්ධිපාල සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අරුණ අල්විස් යන මහත්වරු සහභාගී වූහ.
සමුළුව නොවැම්බර් 04 සහ 05 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත් වීමට නියමිතය.
වරලත් ගණකාධිකාරී ජාතික සමුළුව මෙරට විශාලතම සහ මහත් අපේක්ෂිත ව්‍යාපාර සමුළුවක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. මෙම සමුළුව මගින් තරගකාරී වාසියක් සඳහා ආර්ථික සහයෝගීතාවක වැදගත්කම පිළිබඳව ආයතන දැනුම්වත් කෙරෙයි. එසේම සමාගම්වලට සහයෝගීතා සැපයුම් දාම ආදර්ශයන් තුළින් විශිෂ්ටත්වය කරා එළැඹිය හැකි අයුරු සේම යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය අති විශාල ප්‍රතිපාදන සැපයීමේදී පමණක් නොව තාක්ෂණික හා කාර්යක්ෂම කළමනාකරණ පද්ධතියක් සහතික කිරීම සඳහාද උපයාමාර්ගිකව රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව ඵලදායී ලෙස යොදාගන්නා අන්දම පිළිබඳවද දැනුම්වත් කෙරෙයි.
සමුළුව සඳහා විශිෂ්ට ගණයේ දෙස් විදෙස් දේශකයන් සහභාගී වන අතර, ඔවුන් විසින් අඛණ්ඩ සහයෝගීතාවන් විවිධ ආයතන තුළ නවෝත්පාදන සඳහා මගපාදන අයුරු සහ ආයතනවල විශේෂ කුසලතා එම ආයතනවලට විශිෂ්ට ප්‍රතිඵල උදාකර දීම සඳහා බලපාන ආකාරය පිළිබඳවද දැනුමක් ලබාදෙනු ඇත. සමුළුව දෙදින පුරා තාක්ෂණික සැසියකින්ද සමන්විත වන අතර, එහිදී මූල්‍ය වෘත්තිකයන්ගේ සහයෝගීතා භූමිකාව තුළින් ව්‍යාපාර වර්ධනය වේගවත් වන අයුරු මෙන්ම පෞද්ගලික වෘත්තීය දියුණුව පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පවසයි.
පසුගිය වසර 35 ක කාලය තුළ මෙම සමුළුව එහි මූලික අවධාරණය වන මූල්‍ය කටයුතු හා සම්බන්ධ මාතෘකාවලට අමතරව පුළුල් ආර්ථික සහ ව්‍යාපාරික ගැටලු පිළිබඳ සිතුවිලි පුබුදුවන හා දැනුම විමසන ව්‍යාපාරික සමුළුවක් ලෙස කීර්තියක් උසුලන බවද එම ආයතනය පෙන්වා දෙයි.
මෙවර සමුළුව සඳහා විශිෂ්ට ගණයේ ව්‍යාපාරික ප්‍රධානීන්ද ඇතුළුව 1,500 කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සමුළුව සඳහා සහභාගීවීමට නොහැකි විදෙස්ගතව සිටින 2000 කට අධික ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්ගේ පහසුව තකා සජීවි වෙබ් විකාශයක්ද සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වැඩිදුරටත් පවසයි.