2017 ජූලි මස 01 දින සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 1,340ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.
අන්තර්ජාතික සංවර්ධන සංගමයේ (IDA) සංක්‍රාන්තික සහයෝගීතා පහසුකම් යටතේ ලැබෙන මෙම ආධාරයට පෙර පසුගිය 2014 සහ 2017 කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 660 ආධාරයක් පමණක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම කරුණු අනාවරණය වූයේ පසුගිය අඟහරුවාදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂිකා ඉදා රිඩ්ඩිහෝ මෙනවිය අතර මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය.