ලොව ඉහළම වටිනාකමක් සහිත සන්නම් නාම ලේඛනයේ ප්‍රථම වරට එහි මුල් 10 අතරට චීන සන්නාම දෙකක් පැමිණ තිබේ.
එසේ පැමිණ ඇති චීන සන්නාම දෙක වන්නේ අලිබබා (Alibaba) සහ ටෙන්සෙන්ට් (Tencent) සන්නාමයි.
ලෝකයේ බලගතු තාක්ෂණික සමාගම් ලෙස පෙරමුණේ සිටින ගූගල් (Google) සහ ඇපල් (Apple) ආදී සන්නාම අතරට චීනයේ තාක්ෂණික බලවතෙකු වන සෙන්සෙන්ට් පැමිණ ඇත.
ජැක් මා ලොවට හඳුන්වා දුන් අලිබබා සන්නාමය මෙහි 9 වැනි ස්ථානයේ පසුවන්නේ ඇ.ඩො.බිලියන 113ක වටිනාකමක් සහිත සන්නාමයක් ලෙසිනි. ඉ-වාණිජ ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන අලිබබා සිය සන්නාම් නාමයේ වටිනාකම දෙගුණයකින් පමණ ඉහළ නැඟීමට මෑතකාලීන මොබයිල් ගෙවීම් සහ ක්ලවුඩ් පරිගණක යන ක්ෂේත්රද ආවරණය කිරීමද හේතුවක් බව කියැවෙයි.
එමෙන්ම, ඔන්ලයින් පරිගණක ක්‍රීඩා, ක්ෂණික පණිවුඩ සේවා සහ ඔන්ලයින් ගෙවීම් ආදියෙහි ප්රවීණත්වයක් දරණ ටෙන්සෙන්ට්, ඇ.ඩො.බිලියන 179ක සන්නාම වටිනාකමක් ප්‍රකට කරමින් ගූගල්, ඇපල්, ඇමසෝන්, මයික්‍රොසොෆ්ට් යන සමාගම්වලට පමණක් පසුපසින් සිටියත්, ෆේස්බුක් සන්නාමය පසුකරමින් 5 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව, ටෙන්සෙන්ට් සන්නාමය පෙර වසරට සාපේක්ෂව 65%ක වර්ධනයක් ලබා ඇති බව කියැවෙයි.
ලොව ඉහළම වටිනාකම් සහිත සන්නාම 10
1. Google
2. Apple
3. Amazon
4. Microsoft
5. Tencent
6. Facebook
7. Visa
8. McDonald's
9. Alibaba
10. AT&T