ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසර අවසානයේ නිකුත් කරනලද අවම ප්‍රාග්ධන ප්රමිතීන් පිළිබඳ විධානයන් අනුව ජූලි මස 01 වැනිදා සිට ලියාපදිංචි බැංකු අවම ප්‍රාග්ධන ප්රමිතීන් ක්‍රියාවට නංවනු ඇති බව මහ බැංකුව නිවේදනය කරයි. මෙම විධානයන් බැංකුවල ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමට අන්තර්ජාතික පියවීම් බැංකුව (BIS) නිකුත් කළ බාසල් III තෝලනය සහ ද්‍රවශීලතාව පිළිබඳ මාර්ගෝපදේශනයන්ට අනුකූල බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
බැංකුවල ප්රාග්ධනය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ශක්තිමත් කිරීම
අවම ප්‍රාග්ධන අවශ්‍යතාවලට අමතරව පහත පරිදි ප්‍රාග්ධන ස්වාරක්ෂක හඳුන්වාදීම තුළින් බැංකුවල ප්‍රාග්ධන ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ශක්තිමත් කිරීමට බාසල් III ප්‍රාග්ධන ප්රමිතීන් උත්සාහ කරයි.
-
යහපත් කාලසීමාවලදී ගොඩනංවා ආතතිමය කාලසීමවලදී භාවිතයට ගැනීමට අපේක්ෂිත ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකය (Capital Conservation Buffer)
-
මූල්‍ය පද්ධතියේ ඇති විය හැකි ශීඝ්‍ර ණය වර්ධන තත්ත්වයන්ට හා වත්කම් බුබුලුවලට මුහුණදීමට ආර්ථික චක්‍රයට ප්රතිවිරුද්ධව ගොඩනැගිය යුතු ප්‍රාග්ධන ස්වාරක්ෂකය.
-
පද්ධතිමය අවධානම වළක්වා ගැනීමට පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකුවලට ප්‍රාග්ධන ස්වාරක්ෂකයක් හඳුන්වාදීම.
2019 ජනවාරි 01 වැනි දින සිට ඉහළ නංවනලද ප්‍රාග්ධන අවශ්‍යතාවන්
ජාත්‍යන්තර කාලරාමුවට අනුකූලව 2019 ජනවාරි මස 01 වැනිදා වනවිට සම්පූර්ණ කළ යුතු සිය අවදානම මත බර තබනලද වත්කම්වලට අනුකූල ඉහළ දැමූ බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවන් ලියාපදිංචි බැංකු විසින් පහත පරිදි අදියරෙන් අදියර සම්පූර්ණ කරනු ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
-
දේශීය පද්ධතිමය වැදගත්කම් ඇති බැංකු ලෙස හඳුනාගත් රු.බිලියන 500කට වැඩි වත්කම් ඇති, බැංකු පද්ධතියෙන් 71% ක් නියෝජනය කරන බැංකු 06ක් විසින් තම ප්‍රාග්ධන මට්ටම් වත්මන් 10% මට්ටමේ සිට 2019 ජනවාරි මස 01 වැනිදා වනවිට 14% දක්වා ඉහළ නැංවිය යුතුය.
-
රු.බිලියන 500 ට අඩු ප්‍රාග්ධනයක් සහිත අනෙකුත් සියලුම බැංකු තම ප්‍රාග්ධන අනුපාත වත්මන් 10% මට්ටමේ සිට 12.5% දක්වා ඉහළ දැමීමට කටයුතු කරනු ඇත.
ප්රමිතීන් ක්‍රියාවට නැංවීම සහ බැංකු ක්ෂේත්‍ර‘යේ ඒ සඳහා වන සූදානම
බාසල් III ද්‍රවශීලතා ප්රමිතීන් යටතේ නිකුත් කළ බැංකු පනත් විධානයට අනුව 2015 වසරේදී බැංකු විසින් ද්‍රවශීලතා ආවරණ අනුපාත ක්‍රියාවට නැංවීම සිදුකරන ලද බවද මහ බැංකුව නිවේදනය කරයි.
බාසල් III නොලිහිල් රීතීන් හා අනුකූලවීම තහවුරු කරනු වස් බැංකුවල ප්‍රාග්ධන සැලසුම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනලද බවද මහ බැංකුව පෙන්වා දෙයි.
-
රාජ්‍ය අංශයේ විශාල බැංකු සහ පෞද්ගලික අංශයේ බැංකු විසින් නව ප්රාග්ධනය යෙදවීම සහ රඳවා ගන්නා ලාභ ප්‍රමාණය වැඩි කිරීම මගින් ප්‍රාග්ධන මට්ටම ඉහළ දැමීමට කටයුතු කිරීම.
-
කුඩා ප්‍රමාණයේ බැංකු ඒකාබද්ධවීම හරහා ඒවායේ ප්‍රාග්ධන මට්ටම් තවදුරටත් වර්ධනය වීම සහ ශේෂපත්ර වර්ධනය අපේක්ෂා කිරීම.
-
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවල අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලිය අගයනු ලබන අතර, මෙහිදී බැංකුවල ප්‍රාග්ධන මට්ටම්, අවදානම් කළමනාකරණය, ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම පිළිබඳ මධ්‍යකාලීන සැලසුම් මෙන්ම බාසල් III ප්රමිතීන් ක්‍රියාවට නැංවීමද නිරීක්ෂණය කරනු ලැබීම.
-
බලපත්‍රලාභී බැංකු විසින් 2017 ජූලි 01 වැනි දින වනවිට පැවතිය යුතු ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලනු ලබන අතර, ඉදිරියේදී තම ප්‍රාග්ධන මට්ටම් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත. මෙමගින් මෙරට බැංකු ක්ෂේත්රයට තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත්, අඩු අවදානම් අධිකයක් යටතේ ලබාගැනීම හරහා ආර්ථිකයට ප්රතිලාභ ලබාදීමට හැකියාව ලැබෙන ඇත.
ඉදිරි ගමන
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී අන්තර්ජාතික කාලරාමුවලට අනුකූලව බාසල් III තෝලන අනුපාතය සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය පිළිබඳ ප්රමිතීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.