ලාෆ්ස් සමූහයට අයත් ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ ලාෆ්ස් ගෑස් පීඑල්සී යන සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලයන්හි විධායක අධ්යක්ෂවරයකු වශයෙන් අසංග රණසිංහ මහතා පසුගියදා පත්කර තිබේ. එමෙන්ම, ලාෆ්ස් හෝල්ඩිංග්ස් හි පාරිභෝගික හා සිල්ලර ව්‍යාපාර සමූහයන්හි පර්ශද කළමනාකාර අධ්‍යක්ෂක ධුරය සහ සමූහ අලෙවි අධ්යක්ෂ ධුරයද ඔහු විසින් හොබවනු ඇති බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාෆ්ස් හෝල්ඩිංග්ස් සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසා සිටියේ, &ශ්‍රී ලංකාවේත්, ආසියානු කලාපයේත් අපගේ ව්‍යාපාර ප්‍රබල ලෙස ව්‍යාප්ත කිරීමේ සැලසුම් වඩාත් ශක්තිමත් කිරීමටත්, ලාෆ්ස් නාමය විශ්වසනීය සමූහ ව්‍යාපාරයක් වශයෙන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් අවශ්‍ය නායකත්වය දීමට අසංග ප්‍රබල ලෙස දායකවනු ඇතැයි අප විශ්වාස කරනවා. මනා ව්‍යාපාරික නායකත්වයක්, මෙහෙයුම් විශේෂඥතාවක් මෙන්ම පුළුල් දැනුම සම්භාරයකින්ද යුතු ඔහු ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලයන්ට පත් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. එමෙන්ම මෙය ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර සමූහයක් බිහිකිරීමෙහිලා ඇති අපගේ කැපවීම තහවුරු කිරීමේ තවත් පියවරක් වනු ඇති* යනුවෙනි.