19 වැනි ජපන් ශ්රී ලංකා කාර්මික සහ සංස්කෘතික සංගමයේ (JASTECA) ටයිකි අකිමොටෝ 5S සම්මාන ප්රදාන උළෙලේදී ලංකා ශාඛාවන්හි 5S සංකල්පය ක්රියාත්මක කිරීම වෙනුවෙන් සම්මාන රැසක් දිනාගත් එකම බැංකුව බවට පත්වීමට ලංකා බැංකුවට හැකිවූ බව ඔවුන් නිවේදනය කරයි. පෞද්ගලික හා රාජ්ය අංශයේ ආයතනයන් අතර 5S කයිසන් සහ ආයතනික වගකීම් වැඩසටහන් ප්රවර්ධනය කිරීම සදහා මෙම ප්රකට උලෙළ කැපවී ඇති බවත්, ලංකා බැංකුවෙහි මහනුවර දෙවැනි නගර ශාඛාව, අලව්ව සහ හිඟුරක්ගොඩ ශාඛා මෙම සම්මාන ප්රදාන උලෙළේදී සම්මානයන්ගෙන් පිදුම් ලැබූ බවත් ඔවුන් කියයි. ශ්රී ලංකාවෙහි ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතාගේ ප්රධානත්වයෙන් මෙම සම්මාන උලෙළ පැවැත්වී තිබුණි.