වසරේ ජනප්රියම පුවත්පතට හිමි සම්මානය විජය පුවත්පත් සමාගමේ අප සහෝදර පුවත්පත් වන 'දිනපතා ලංකාදීප' සහ 'ඉරිදා ලංකාදීප' විසින් දිනාගන්නා ලදී.
වසරේ දැවැන්තම සන්නාම සම්මාන උලෙළ ලෙස සැලකෙන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 2018 උලෙළෙහිදී 'ලංකාදීප' මේ ආකාරයෙන් වසරේ ජනප්රියම පුවත්පතට හිමි සම්මානය පිට පිටම හිමි කරගනු ලැබුවේ 12 වැනි වතාවටය.
මෙම සම්මාන උලෙළ ඊයේ (09දා) රාත්රියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ නීල්සන් සමීක්ෂණ නියෝජිතායතනය එක්ව මෙය සංවිධානය කර තිබුණි.