රුපියලේ අගය අඩුවීම ආර්ථිකයට සුබවාදී මුහුණුවරක් ලබාදී ඇති බවට ඇතැම් ආර්ථික න්‍යායවාදීන් හා දේශපාලන න්‍යායවාදීන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමාට ගැටලුවක් පැනනැඟී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
රවි කරුණානායක මහතා මෙම අදහස් ඵල කළේ ඊයේ (15දා) පෙරවරුවේ කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.