රාජ්ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙත වූ විදේශීය ආයෝජන 2017 වසරේ ජනවාරි මස වාර්තා වූ ශුද්ධ ගෙවීමට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේදීද අඛණ්ඩව 11 වැනි මාසයට ද ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබේ.
ප්රාථමික හා ද්විතීයික වෙළෙඳ පොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙලෙඳ පොළ වෙත වූ විදේශීය ආයෝජනද 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීමට සාපේක්ෂව 2018 වසරේ ජනවාරි මාසයේදී ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබේ.
තවද, රජය වෙත වූ දිගුකාලීන ණය මෙම මාසය තුළදී ඇ.ඩො.මිලියන 2.5ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත.
එමෙන්ම, ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණයද ඇතුළත් විදේශීය සෘජු ආයෝජන 2017 වසරෙර්දී ඇ.ඩො.මිලියන 1,913ක් වූ අතර, එය මෙතෙක් ශ්රී ලංකාව වාර්තා කළ ඉහළම විදේශීය සෘජු ආයෝජන ලැබීම බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.