2017 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන්ම රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීමට භාණ්ඩාගාර අනුමැතියද හිමිව තිබේ.
ඒ අනුව, මෙම ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති පරිදි රු.15,000/-ක උපරිමයකට සහ රු.3,000/-ක අවමයකට යටත්ව කාණ්ඩ හතරක් යටතේ රාජ්‍ය ව්‍යවසායන්ගේ සේවකයන්ට හිමිවන බවත්, ඒ පිළිබඳ චක්‍රලේඛයක් භාණ්ඩාගාරය විසින් පසුගිය 11දා නිකුත් කළ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළදී ලාභය උපයාගෙන ඇති දිරිදීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන් වෙනුවෙන් රු.15,000/-ක ප්‍රසාද දීමනා ලෙස ගෙවිය හැකි බවද පැවසේ.
එමෙන්ම, පෙර වර්ෂයේ පැවැති අලාභදායී තත්ත්වය මෙම වර්ෂය තුළදී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් වෙනුවෙන් රු.13,500/-ක ප්‍රසාද දීමනාවක් අනුමත කර ඇත.
අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත මෙතෙක් ගෙවූ රු.3,000/-ක ප්‍රසාද දීමනාව රු.5,000/-ක් දක්වා වැඩිකර ගෙවීමටද අනුමැතිය ලබාදී තිබේ.
අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩුකර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් වෙනුවෙන් රු.3,000/-ක ප්‍රසාද දීමනා හිමි වෙයි.
කෙසේ වෙතත් සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන්ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවන බවත්, එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබෙන බවත් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වුවද, මෙම ප්‍රසාද දීමනා ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ එකඟතාව ලබාගැනීම අනිවාර්යය කර ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.