රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීම සඳහා 2018 වසර වෙනුවෙන් ජපන් යෙන් මිලියන 262ක (ආසන්න වශයෙන් රු.මිලියන 358ක) ආධාරයක් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ප්රදානය කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන හඳුන්වාදුන් අතර, මෙම වැඩසටහනෙහි පළමු ක්‍රියාරාමුව (2010-2013) සහ දෙවැනි ක්‍රියාරාමුව (2014-2017) යටතේ නිලධාරීන් 120 දෙනෙකු හට (වසරකට 15 දෙනෙකු බැගින්) අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. මෙහි තුන්වැනි ක්රියාරාමුවේ පළමුවැනි කණ්ඩායමෙහි තෝරාගැනීමේ ක්‍රියාවලිය 2017 සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය.
මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර හුවමාරු පත්‍ර 02 ක් අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සමග ප්‍රදාන ගිවිසුම්වලට එළඹීම පසුගිය ජුනි 30දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්යඅමාත්යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතාද, ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටනකා ෆුසාතෝ මහතාද අදාළ ලියකියවිලිවලට අත්සන් තැබූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.