තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ බැංකු ණය පොලී අඩු කරන ලෙස මහ බැංකුවට පෙන්වා දුන්නත්, එහි සිටි න්‍යාය පණ්ඩිතයන් ඒවා ගණනකට නොගත් බව හිටපු මුදල් ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (04දා) පෙරවරුවේ, කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,
"මම මුදල් ඇමති කාලයේ බැංකු ණය පොලී අඩුකරන ලෙස මහ බැංකුවට පෙන්වා දුන්නා. එතන ඉන්න න්‍යාය පණ්ඩිතයන් ඒවා ගණන් ගත්තේ නැහැ. අද රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනයට ඒක බලපෑව විතරක් නොවෙයි, ස්වයං රැකියා කරන පිරිසට හා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන් සඳහා ගැටලු රැසක් ඇති කළා. මේ රජය ජනතාවගෙන් ඈත් කරල තියන්නෙ ඔය මහ බැංකුවේ සිටින පණ්ඩිතයන් කිහිප දෙනෙක්. කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති මේ නිලධාරීන් සමග රට ඉදිරියට ගෙන යන එක ගැටලුවක්." යැයිද පවසා සිටියේය.