යුරෝපා වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව සිදුකරන අපනයන දිරිගැන්වීම හා ඒ තුළ ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීමේ හමුවක් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන් ලයි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙහිදී යුරෝපා වෙළෙඳ පොළ සඳහා ශ්‍රී ලංකා නිෂ්පාදන ඇතුළත් කිරීම පුළුල් කිරීම සහ යුරෝපා ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම දිරිගැන්වීම පිළිබඳව සාකචිඡා කර තිබේ. 2018 අයවැය තුළින් විදේශ ආයෝජන හා වෙළෙඳාම දිරිගැන්වීම පිළිබඳව ලබාදී ඇති දිරිගැන්වීම් පිළිබඳවද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යුරෝපා නියෝජිතයන් දැනුවත් කර ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මංගල යාපා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.