ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීමට තමාත්, තම ආයතනයක් සැමවිටම ප්‍රමුඛස්ථානය ලබාදෙමින් කැපවෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලිකූන් මහතා පවසා තිබේ.
ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ දූත පිරිස හමුවෙමින් ජින් ලිකූන් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ යටිතල පහසුකම්, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය, නාගරික සංවර්ධන ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ආධාර, ණය සහ පහසුකම් සැපයීමට තම බැංකුව ක්‍රියාකරන බවය.
එහිදී, ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සහාය අගය කළ වික්‍රමසිංහ මහතා ප්රමුඛ දූත පිරිස ඉදිරියේදී ද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ උපරිම සහාය ශ්‍රී ලංකාව වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පවසා තිබේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.