ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කළ අවුරුදු පොළ සහ බක් මහ උළෙල අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 10දා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබේ.
පසුගිය 09දා පැවැති අලුත් අවුරුදු පොළෙන් රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය, සාම්ප්‍රදායික රසකැවිලි වර්ග, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ සහන මිලට ලබාගැනීම සඳහා අමාත්‍යාංශයේ සහ අවට කාර්යාල පරිශ්‍රවල සේවක සේවිකාවන්ට අවස්ථාව උදාවී ඇත.
කඹ ඇදීම, කොට්ටා පොර, කණා මුට්ටිය බිඳීම, අවුරුදු කුමරිය තේරීම ඇතුළු සාම්ප්‍රදායික ගැමි ක්‍රීඩා සහ විශේෂාංග රැසකින් සමන්විත බක්මහ උළෙලට අමාත්‍යාංශයේ සහ ඊට අයත් දෙපාර්තමේන්තුවල සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ දූදරුවන් විශාල පිරිසක් සහභාගී වී තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් අතින් ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කිරීම සිදුකර ඇත.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd