යුක්රේනය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකට පසුගිය ජූනි මස අගභාගයේදී එල්ල වූ පරිගණක වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් වූ බවට මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.
එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ කෙසේ වෙතත්, එවැනි තතත්වයන් සම්බන්ධයෙන් තම සංසදය නිරතුරු අවධානයෙන් සිටින බවයි.
ඒ අනුව, අන්තර්ජාලය තුළ සැරිසැරීමේදී සැක සහිත ඊමේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම මෙන්ම තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොනු, ඡායාරූප, දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (backup) වඩාත් ආරක්ෂාකාරී උපක්‍රමයක් බවත් එම සංසදය පවසයි. එමෙන්ම, තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන ප්‍රති-වෛරස මෘදුකාංගය (Virus Guard) නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීමෙන්ද පරිගණකය වෛරසවලට ලක්වීම බෝහෝවිට වළක්වා ගැනීමට හැකිවන බවද එම සංසදය වැඩිදුරටත් පවසයි.