කොළඹ කොටස් වෙළෙඳ පොළේ පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පෞද්ගලික සමාගම (CDS) ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1991 හි ස්ථාපිත කරන ලදුව ඊයේ (02දා) සිය අභිමානවත් 25 වන සංවත්සරය සැමරීය.
මෙම අවස්ථාව උත්කර්ෂවත් ලෙස සමරනු වස්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි සභාපති තිලක් කරුණාරත්න, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අධ්යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන, ආසියා පැසිපික් කලාපීය මධ්‍යම තැන්පතු ක්‍රම හවුලෙහි (ACG) සභාපති මුහම්මද් හනීෆ්, කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති වජිර කුලතිලක යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සීනුව නාද කර දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ උත්සවයක් සංවිධානය කෙරුණි.
මධ්‍යම තැන්පතු ක්‍රමය ස්ථාපනය කරන ලද්දේ දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ සුරැකුම්පත් නිෂ්කාශනය, ගනුදෙනු සිදුකිරීම හා සුරැකුම්පත් සුරක්ෂණය ආදී විශේෂිත අරමුණු රැසක් පූරණය කිරීමේ අරමුණ පෙරදැරිවය. වර්තමානයේදී ඉහත මූලික කාරනා වලට අමතරව විද්‍යුත් මෙහෙයුම් කටයුතු, ගිණුම් සේවා, සාංගමික ක්‍රියාකාරකම් වලට අදාළ සේවා හා ගනුදෙනු කරුවන්ට අදාළ නිෂකාෂණ හා බේරුම්කරණ සේවාද සිදුකරනු ලබන්නේ නොකඩවා සිදු කරන ලද තාක්ෂණික වර්ධනයන්, නව්‍යතාවයන් අනුගමනය කිරීම ආදිය නිසයි.
කොළඹකොටස් වෙළෙඳ පොළහි අධ්යක්ෂවරුන් වන රේ අබේවර්ධන, අසංග සෙනෙවිරත්න, අරවින්ද පෙරේරා යන මහත්වරුන්, ජීවා නීරීඇල්ල මහත්මිය, කොළඹ කොටස් වෙළෙඳ පොළහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියෝජනය කරමින් සාමාජික තැරැව්කාර ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, භාරකාර හා බේරුම්කරණ බැකු නියෝජිතයින්, සමාගම් ලේකම්වරුන්, සමාගම් රෙජිස්ට්‍රාර්වරුන්, සහ කොළඹකොටස්වෙළෙඳපොළ කළමණාකාරිත්වය ඇතුළුව විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප - භානුක අමරසිංහ