මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත කරදිය මත්ස්යය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා Finite Lanka (ෆිනයිට් ලංකා) ඉදිකිරීම් සමාගම පසුගියදා ගිවිසුමකට එළැඹී තිබුණි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යුරෝපා සංගමය සහයාදෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් ලබාදෙන අරමුදල් දායකත්වයෙන් මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේදී මෙම කරදිය මත්ස්යය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් සඳහා රු.මිලියන 142 ක වියදමක් වැයවනු ඇති බව අපේක්ෂිතය. කරදිය මත්ස්යය අභිජනන මධ්‍යස්ථානයට අදාළ ගිවිසුමට අත්සන් කිරීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරී තිබුණි.
ධීවර කර්මාන්තයට අවශ්‍ය මත්ස්යය සම්පතින් තිරසාර දකුණු ආසියානු කලාපයේ ප්රමුඛ රටක් බවට පත්වීම මෙරට රජයේ දැක්ම වී ඇති බවත්, මේ අරමුණ ළඟාකරගැනීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් දස වසරක සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙම සැලැස්ම මගින් මෙරට ජලජීවී වගා ක්ෂේත්රය දියුණු කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇත. යුරෝපා සංගමය (EU), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා මෙරට රජය අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබැඳියාවේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් විශාල අවශ්‍යතාවයක් බවට පත්වී තිබූ මෙරට ජලජීවී වගා ක්ෂේත්රය තවදුරටත් දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති බව ඔවුන් වැඩිදුටත් පවසයි.