මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් යුතු රු.5000/- නව මුදල් නෝට්ටුව එහි මුද්‍රණ කටයුතු සිදු කරනු ලබන ඩි ලා රූ සමාගම විසින් අමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ.
මෙම අවස්ථාවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාටින් සුදර්ලන්ඩ්, ආසියා ෆැසිපික් කලාපීය අධ්යක්ෂ මාර්ක් ෆිලර් සහ ගණකාධිකරණ කළමනාකාරිනී නදීෂා ඈපාසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙම අවස්ථාවට එක් විය.