භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුතු ක්‍රමය වෙනුවට 2017 ජූලි 27දා සිට මෙම නව ක්‍රමය බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රජයේ දේශීය ණය ගැනීම් හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් වර්ධනය කිරීම මෙම නව ක්‍රමය හඳුන්වාදීමේ මූලික පමාර්ථය බවද මහ බැංකුව පවසයි. එමෙන්ම, මෙම නව ක්‍රමය වඩා ව්‍යුහගත ක්‍රමයක් වන අතර, ඊට ක්‍රමවත් ලෙස සැලසුම් කළ බැඳුම්කර නිකුතූන් ඇතුළත් වන බවද පෙන්වා දෙයි.
සෑම මාසික නිකුතුවකදීම විවිධ කල්පිරීම් කාල සහිත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ දෙකක් ඉදිරිපත් කෙරෙන අතර, එම කාණ්ඩවල පරිණතීන් වෙළෙඳ පොළ තුළ පවතින සම්පත් හා ගැළපීම් අපේක්ෂා කෙරෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.