පාකිස්තානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්තානු රජය විසින් පැනවූ %නව නියාමන බද්ද^ මගින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාව පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මෙරට පාකිස්තානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (31දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
පසුගිය ජූලි මස 01දා සිට ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට අපනයනය කරන බුලත් සඳහා කිලෝ ග්‍රෑමයකට ශ්‍රී ලංකා රු.291/- ක නව නියාමන බද්දක් පනවා ඇති අතර, එම නිසා දේශීය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන්ද තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව දුෂ්කරතාවකට පත්ව ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම නව බද්ද මගින් දේශීය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටලු විසඳා ගැනීමට තමා හා තම අමාත්‍යාංශය මැදිහත් වන බවයි. එමෙන්ම, මේ සඳහා කඩිනම් සහනයක් තමා පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හරහා පාකිස්තානු රජයෙන් බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම, මීට විසඳුමක් බුලත් ගොවියාට ලැබෙනතුරු තමා මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බැලීමට කටයුතු කරන බවද පවසා සිටි අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද සිය ස්තූතිය පුදකර තිබේ.