බැඳුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු ව්‍යාජ ඒවා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.
මෙම සිද්ධියට තමාගේ හෝ අගමැතිවරයාගේ සම්බන්ධයක් නොමැති බව පවසන මන්ත්‍රීවරයා, සත්‍ය වාර්තාව ලැබෙන තුරු ඒ පිළිබඳ ප්‍රකාශයක් කළ නොහැකි බවද සඳහන් කරයි.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මෙම අදහස් පළ කර ඇත්තේ පසුගිය 06දා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ එ.ජා.ප. මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,
"පවුලක් තියෙන කොට අවුලක් තියෙන බව කවුරුත් දන්නවා. මොනතරම් පරස්පර විරෝධී මත තිබුණත්, ප්‍රශ්න තිබුණත් ප්‍රධාන පක්ෂ දෙක යම් අසීරු ගමනක් යනවා.
සමහරුන්ට අලිය ගැන කථා කරන කොට වලිප්පුව හැදෙනවා. චරිත ඝාතනය කරලා අලිය බය කරන්න හදනවා. මම අවධාරණයයෙන් කියන්නේ, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය භීතියට පත්කරල කවුරු හරි ගමනක් යන්න හදනවා නම් ඒක හීනයක් විතරයි.
අපිව කිචි කවන්න හදන අයට පාඩමක් උගන්වන්න ඉදිරි පළාත් පාලන මැතිවරණය එ.ජා.ප.ය ජයග්‍රාහී මාවතට ගෙනියන්න කියා මා ඉල්ලා සිටිනවා. අද ඔය එ.ජා.ප.යට අභියෝග කරන අයට බුලත්විට කඩයක්වත් කරන්න බැහැ.* යැයි පවසා සිටී.