පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ, සුඛිත පුරවර, වැඩසටහන මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවපහසුව සහ දැනුවත්භාවය ප්‍රවර්ධන උදෙසා ඉදිකරන ලද පොළොන්නරුව වාණිජ සංකීර්ණය, සංචාරක තොරතුරු මධ්‍යස්ථානය හා සංචාරක පොලිසිය ඊයේ (06දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
අමාත්‍ය වන පාඨලී චම්පික රණවක, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොලිස්පති පූජිත ජයසුන්දර, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති අධ්යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.